මහ සභාව යනු බලපිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රධාන තීරණ ගැනීම් සිදුකරන උත්තරීතර දේශපාලන හා පරිපාලන සභාවයි. සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මහ සභාව, ප්‍රදේශවාසී ජනතාවගේ පොදු සුබසාධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සේවාවන් ක්‍රමවත්ව සැපයීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත තීරණ සහ අනුමැතීන් ලබාදීම සිදු කරයි.
අප සභාවේ සමස්ත මහජන නියෝජිතයින් ගණන 12 දෙනෙකු වන අතර, ඔවුන් බලපිටිය බලප්‍රදේශයේ විවිධ කොට්ඨාස නියෝජනය කරමින් ජනතා හඬ සභාව තුළ නියෝජනය කරති. සෑම මසකම පවත්වනු ලබන මහා සභා වාරවලදී අයවැය යෝජනා, සංවර්ධන කටයුතු සහ නීතිමය රෙගුලාසි සාකච්ඡා කර සම්මත කරනු ලබයි.